'නිවැරදි ආනයන ක්‍රියාපටිපාටිය සහ අදාළ ලියකියවිලි' පිළිබඳව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය මෙහෙයවනු ලබන එක් දින වැඩමුළුවක් සැප්තැම්බර් මස 20දා පැවැත්වීමට නියමිතය.
නො.450, ඩී.ආර්. විජයවර්ධන මාවත, කොළඹ 10 යන ස්ථානයෙහි පිහිටි ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා මෙම වැඩමුළුව පැවැත්වෙනු ඇත.
විශේෂයෙන්ම භාණ්ඩ හා සේවා ආනයන ක්රියාවලියෙහි නිරත ව්‍යාපාරික අංශ සඳහා විශේෂයෙන්ම පවත්වනු ලබන මෙම වැඩමුළුව, ආනයන ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහාත්, ආනයන ක්‍රියාවලියේදී මතුවන ගැටලු මඟහරවා ගනිමින් ආනයන ක්‍රියාවලිය වඩාත් සුමට කරගනිමින් ලාභ උපරිම කරගැනීම සඳහාත් අවශ්‍ය මූලධර්ම පිළිබඳ විශ්ලේෂණාත්මක විග්‍රයක් ලබාදෙනු ඇති බව කියයි. ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ ඔබ ආයතනයට පවතින අවස්ථා උපරිම කරගනිමින් ආයතනයේ අභිලාෂයන් ඉටුකරගැනීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික කරුණු මෙමගින් ලබාදෙනු ඇති බවද ඔවුහු පවසති.
මෙහිදී ආවරණය වන විෂය පථයන් අතර, 'ආනයන ක්‍රියාවලිය සහ අදාල පියවර', 'ආනයන සැලසුම්කරණය', 'ආනයන අවශ්‍යතා නිර්ණය කිරීම', 'ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ හැඳින්වීම', 'විකුණුම් කොන්ත්‍රාත්තු', 'ආනයන සීමා කිරීම්', 'විකිණුම් කොන්දේසි', 'Incoterms - අරමුණ සහ විෂය පථය', 'ණයවර ලිපි සහ ලියකියවිලි ඇතුළුව එක් එක් ආනයන ගෙවීම් වර්ගයන්හි බලපෑම පිළිබඳ සමාලෝචනය කිරීම', 'රේගු ආනයන ක්‍රියාපටිපාටීන් සහ ලේඛනගත කිරීම: ලිපිලේඛන වර්ගීකරණය', 'නැව් හා ගුවන් මාර්ග මගින් ආනයනය කරනු ලබන භාණ්ඩ රේගුව හරහා නිෂ්කාශනය කරගන්නා ආකාරය', 'නිදහස් වෙළෙඳ ගිවිසුම්', 'ලෝක වෙළෙඳ සංවිධානය - භාණ්ඩ තක්සේරු කිරීමේ ගිවිසුම (WTO Goods Valuation Agreement)', 'ලෝක වෙළෙඳ සංවිධානය - නිදහස් වෙළඳ ගිවිසුම (WTO Free Trade Agreement) සහ 'භාණ්ඩ වර්ගීකරණ නාමාවලිය (Goods Classification and Harmonized Systems) ආදිය වෙයි.
මෙහිදී, ශ්‍රී ලංකා රේගු අධ්යක්ෂ ටී. රවින්ද්‍ර රාජා මහතා සම්පත් දායකත්වය ලබාදෙනු ඇති අතර, ඔහු මෙම ක්ෂේත්රය පිළිබඳව වසර 34කට වඩා අත්දැකීම් ලැබූවෙකු බවද සඳහන් වෙයි. මීට සහභාගී වන්නන්ට වටිනා සහතික පත්‍රයක් පිරිනමන අතර තොරතුරු දැනගැනීම සඳහා 011-4741788, 011-2689600 යන දුරකථන අංක හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් ජාතික වාණිජ මණ්ඩලය සමග සම්බන්ධ විය හැකි බව ඔවුහු වැඩිදුරටත් දන්වා සිටිති.