ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන 'අපනයන ක්‍රියාපටිපාටිය සහ අදාළ ලියකියවිලි' පිළිබඳ එක්දින වැඩමුළුවක් 2018 ඔක්තෝබර් මස 31 වැනිදා, නො. 450, ඩී.ආර්.විජයවර්ධන මාවත, කොළඹ 10 පිහිටි ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
එදින උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා පැවැත්වෙන මෙම වැඩමුළුව විශේෂයෙන්ම භාණ්ඩ හා සේවා අපනයන ක්රියාවලියෙහි නිරත ව්‍යාපාරික අංශ සඳහා මෙන්ම අපනයන ක්රියාවලියෙහි නිරතවීමට බලපොරොත්තු වන ව්‍යාපාරික ප්‍රජාව සඳහා පවත්වනු ලබන්නකි. අපනයන ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහාත්, අපනයන ක්‍රියාවලියේදී මතුවන ගැටලු මඟහරවා ගනිමින්, අපනයන ක්‍රියාවලිය වඩාත් සුමට කරගනිමින් ලාභ උපරිම කරගැනීම සඳහාත් අවශ්‍ය යාවත්කාලීන වූ මූලධර්ම පිළිබඳ විශ්ලේෂණාත්මක විග්‍රහයක් මෙහිදී ලබාදෙනු ඇත. ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ ඔබ ආයතනයට පවතින අවස්ථා උපරිම කරගනිමින්, ආයතනයේ අභිලාශයන් ඉටුකරගැනීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික කරුණු මෙමගින් ලබාදෙනු ඇති බවද සඳහන් වෙයි.
ශ්‍රී ලංකා රේගු අධ්යක්ෂ ටී. රවින්ද්‍රරාජා මහතා මීට සම්පත් දායකත්වය ලබාදෙන අතර, ඔහු මෙම ක්ෂේත්රයේ වසර 34ක අත්දැකීම් සපුරා ඇති අයෙකු බව කියයි. අපනයන ක්‍රියාවලිය හැඳින්වීම, සැලසුම් කිරීම, ජාත්‍යන්තර වෙළෙඳාම හැඳින්වීම, යාවත්කාලීන කරන ලද අපනයන මූලාශ්‍ර, අපනයන සඳහා වූ අවශ්‍යතා නිර්ණය කිරීම සහ අපනයන සඳහා වූ සීමා, විකිණීම/ අලෙවිය සඳහා කොන්දේසි, Incoterms 2010 පිළිබඳ මූලික කරුණු, අපනයන ලේඛන වර්ගීකරණය, අපනයනයේදී භාණ්ඩ ප්‍රවාහකයන්ගේ කාර්යභාරය, කාර්යෝපාය සහ භෞතික බෙදාහැරීම් කටයුතු, රේගු අපනයන ක්‍රියාපටිපාටිය, වරාය කාර්ය පටිපාටි, රේගු - වරප්‍රසාද පහසුකම් ආදී අපනයන ක්‍රියාවලිය සම්බන්ධ සියලුම කරුණු මෙහිදී ආවරණය කෙරෙන බවද කියයි.
මේ සඳහා සහභාගිවන්නන්ට වටිනා සහතික පත්‍රයක් පිරිනමන අතර තොරතුරු දැනගැනීම සඳහා 011 4741788 යන දුරකථන අංක හෝ [email protected] ; [email protected] යන විද්යු ත් ලිපිනයන් ඔස්සේ ජාතික වාණිජ මණ්ඩලය අමතන ලෙස ඔවුන් වැඩිදුරටත් පවසයි.