ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මෙරට තාක්ෂණික අංශයේ නව්‍ය ව්‍යසායකයන් සඳහා වන රාජ්‍ය ආයතනයයි. නව්‍ය ව්‍යවසායකයන් සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට සහ නව්‍ය හිතකාමී රජයක් සඳහා දායක වීමට දරන උත්සාහයේදී, ප්‍රයිස්වෝටර්හවුස් කූපර්ස් ශ්‍රී ලංකා (PwC) සමග එක්ව, තාක්ෂණික නව්‍ය පරිසර පද්ධතිය වේගවත් කිරීම සඳහා "නව්‍ය හිතකාමී ව්‍යවසායක පරිසරයක් කරා" යන නමින් සමීක්ෂණ අධ්‍යයනයක් ආරම්භ කර ඇත.
එය ශ්‍රී ලංකාවේ නව්‍ය ව්‍යසායකයන් සහ සක්‍රීය ව්‍යවසායකයන් මුහුණදෙන බාධාවන් කෙරෙහි අවධානය යොමු කරයි. තවද බාධක ජයගැනීම, ක්‍රියාකාරී සැලැස්මක් නිර්මාණය කරගැනීම යන වැදගත් අංගයන්ගෙන් සමන්විත වේ.
පසුගිය ජුනි 29දා මෙම සමීක්ෂණ වාර්තාව එළිදැක්වීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු, මහින්ද බී. හේරත්, එම ආයතනයේ ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී අනුර ද අල්විස්, පවත්නා නීති හා රෙගුලාසි සරල කිරීම පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සාමාජික ටිෂාන් සුබසිංහ, PwC ශ්‍රී ලංකා මූල්‍ය හා තක්සේරුකරණ උපදේශන අධ්යක්ෂ අරුණ පෙරේරා, කැල්සි ටෙක්නොලොජීස් හි ප්‍රධාන විධායක නිලධාරී මංගල කරුණාරත්න, ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සහ තාක්ෂණ ආයෝජන සඳහා දකුණු ආසියාවේ කලාපීය නායක රුචිරා ශුක්ලා සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නව්‍ය පරිසර පද්ධති සංවර්ධන අධ්යක්ෂ සචින්ද්‍ර සමරරත්න යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
මෙම සමීක්ෂණය මගින් වර්තමාන තාක්ෂණික නව්‍ය පරිසර පද්ධතිය පිළිබඳ පුළුල් දැක්මක් සපයන අතර, රාජ්‍ය බලධාරීන් සමග එක්ව ක්‍රියාත්මක කළ හැකි විසඳුම් පිළිබඳවද අවධානය යොමු කරයි. නව්‍ය පරිසර පද්ධති වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය බලධාරීන්ට නව්‍ය පරිසර පද්ධතිය සමග සමීපව කටයුතු කළ හැකි සහයෝගී ප්රවේශයක්ද සමීක්ෂණයෙන් ඉදිරිපත් කෙරෙන බව ඔවුන් වැඩිදුරටත් පවසයි.