දේශගුණික බලපෑම් අවමකිරීමේ ක්‍රියාකාරී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුවේ ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික බැංකුව (IBRD) වෙතින් ඇ.ඩො.මිලියන 1.8ක ප්‍රදානයක් හිමිව තිබේ.
මෙම ව්‍යාපෘතියේ අරමුණු වන්නේ, ජාතික දේශගුණික විපර්යාස සඳහා වූ ප්‍රතිපත්ති, ක්‍රමෝපාය හා ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීමට සහ වෙළෙඳ පොළ හෝ වෙළෙඳ පොළ නොවන අවම කිරීමේ භාවිතාවන් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ ධාරිතාවන් හා පද්ධතීන් ශක්තිමත් කිරීම බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මෙම අරමුණට ළඟාවීම සදහා ජාතික අධීක්ෂණ, වාර්තකරණ හා තහවුරු කිරීම් පද්ධතියක් නිර්මාණය කිරීම, ව්‍යාපෘති හෝ පහසුකම් මට්ටමේදී පරිසරයට නිකුත් කිරීම් අවම කිරීම සදහා එම පද්ධති යොදාගැනීම, ශ්‍රී ලංකා කාබන් ණය යෝජනා ක්‍රමය සදහා ආයතනික, නීතිමය හා තාක්ෂණික රාමු නිර්මාණය කිරීම සිදුවේ. එමෙන්ම කාබන් මිල නියම කිරීමේ උපකරණ සදහා මාර්ග සැලැස්මක් සංවර්ධනය කිරීම, අදාල ආයතන හා පාර්ශ්වකරුවන් ගේ උපදෙස් ලබාගැනීම සම්බන්ධිකරණය කිරීමද ඉහත අරමුණුවලට ළඟාවීමට උපකාරී වන බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.