ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය විසින් යොමුකර ඇති ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව පිළිබඳව සලකා බැලීම සඳහා මුදල් මණ්ඩලය විසින් ගනු ලැබූ නියාමන ක්‍රියාමාර්ග අද (15දා) සිට තවත් මාස 3ක කාලයක් සඳහා නැවත දීර්ඝ කර තිබේ.
කෙසේ වෙතත්, තැන්පත්කරුවන්ට තම තැන්පතු වෙනුවෙන් ලැබිය යුතු පොලී මුදල් ගෙවීම් ශ්‍රී ලංකා මහ බැංකුවේ විධානයන්ට අනුකූලව අඛණ්ඩව සිදුකෙරෙනු ඇති බව කියයි.
ශ්‍රි ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් ණය හිමියන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා 2019 පෙබරවාරි 15දා සිට බලපැවැත්වෙන පරිදි කෙටි කාලීන පියවරක් ලෙස නියාමන ක්‍රියාමාර්ග ගණනාවක් ගනු ලැබීය.
ඒ අතර, ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පහසුකම් සැලසීම වෙනුවෙන් නව තැන්පතු භාරගැනීම අත්හිටුවීම, තැන්පතු ආපසු ගැනීම අත්හිටුවීම, ණය හා අත්තිකාරම් ප්රදානය අත්හිටුවීම ආදිය වෙයි.
මේ සම්බන්ධව වැඩිදුර පැහැදිලි කර ගැනීම් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව 011 2 477 573, 011 2 477 229 යන දුරකථන අංක මගින් හෝ [email protected] විද්‍යුත් ලිපිනයෙන් සම්බන්ධ විය හැකිය.