තිරසර වාර්තාකරණයේ ප්රමුඛයෙකු ලෙස පිදුම් ලැබූ කොමර්ෂල් බැංකුව
තිරසර අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව දැක්වූ නොසැලෙන කැපවීම සහ උපායමාර්ගික අවධානය ඇගයීමට ලක් කරමින්, 2025 ACCA ශ්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන උළෙලේ දී බැංකු කාණ්ඩයේ රන් සම්මානය සහ සියලුම කාණ්ඩ අතරින් සමස්ත අනුශූරතාවය බැංකුවට හිමි විය. එය මූලික බැංකු උපායමාර්ග සහ මෙහෙයුම් තුළට තිරසරභාවය ඇතුලත් කළ බැංකුවේ නායකත්වයට ලැබුණු සුවිශාල ගෞරවයකි.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිළධාරී ප්‍රසන්න ඉන්ද්‍රජිත් මහතා පැවසුවේ තිරසරභාවය වෙනුවෙන් බැංකුව දැක්වූ විනයගරුක හා සියලු අංශ ඒකාබද්ධ වූ ක්‍රියාකලාපය, මෙම සම්මාන මගින් මනාව පිළිබිඹු වන බවයි.
“මෙම ඇගයීම් මගින් තවදුරටත් තහවුරු වන්නේ කොමර්ෂල් බැංකුවේ තිරසරභාවය යනු හුදෙක් පිටතට පෙනෙන මුලපිරීම් නොවන බවත් එය අපගේ අවදානම් කළමනාකරණය කිරීම, සමාගමේ පාලන කටයුතු මෙන් ම ණය දීම සහ ආයෝජන සම්බන්ධ තීරණ ගැනීම ආදී මූලික මෙහෙයුම් කටයුතු තුළටද මුල් බැසගත් සංකල්පයක් වන බවයි. මෙම ඒකාබද්ධ බව අපගේ ගනුදෙනුකරුවන්ට ශක්තිමත් පාරිසරික හා සමාජයීය ආරක්ෂණ ක්‍රම සමඟින් වඩාත් විචක්ෂණශීලී මූල්‍යකරණ විසඳුම් ලබා දෙන අතර, දිගුකාලීන අවදානම් සඳහා බැංකුව නිරාවරණය වීමද අඩු කරනවා” යැයි ඔහු තවදුරටත් පැවසීය.
බැංකු අංශයේ රන් සම්මානය දිනා ගැනීමෙන් තහවුරු වන්නේ, නියාමකයින්, ආයෝජකයින් හා ගෝලීය හවුල්කරුවන් විසින් ද සමීපව නිරීක්ෂණය කෙරෙන, අවදානම් සහිත අංශයක ක්‍රියාත්මක වන බැංකු අතරින් ප්‍රමුඛතම තිරසර කාර්යසාධනයක් පෙන්නුම් කරන බැංකුව ලෙස කොමර්ෂල් බැංකුවේ ප්රමුඛ ස්ථානයයි. ආයතනික හා සමාජයීය වගකීම් හුදෙක් ම ක්‍රියාකාරකම් වලට පමණක් සීමා නොකර ණය ලබා දීම, අවදානම් කළමනාකරණය, ආයතනයේ පාලන කටයුතු සහ එදිනෙදා බැංකු මෙහෙයුම් වලට ද තිරසරභාවය ඒකාබද්ධ කිරීමට බැංකුවට ඇති හැකියාව මෙම සම්මානයෙන් පිළිබිඹු වේ.
සියලුම අංශ අතරින් සමස්ත අනුශූරතාවය දිනා ගැනීම බැංකුවේ මෙම ජයග්‍රහණයේ පරිමාණය තවදුරටත් තීව්ර කරයි. තිරසරභාවය පිළිබඳව පරිණතභාවයට පත්වීමට විශාල ප්‍රාග්ධනයක් යොදවන බලශක්තිය, නිෂ්පාදන, විදුලි සංදේශ සහ විවිධාංගීකරණය වූ අංශවලින් ඉදිරිපත් වූ සමාගම් වලටත් වඩා කොමර්ෂල් බැංකුව ඉදිරියෙන් තැබීමට මෙම සම්මානයට හැකි විය. මූල්‍ය සේවා අංශයෙන් ද ඔබ්බට යමින් සමස්ත ශ්‍රී ලංකාවේ වඩාත් ම තිරසර ආයතන අතරින් එකක් ලෙස කොමර්ෂල් බැංකුව මෙම සම්මානය තුළින් හඳුනා ගැනුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

