තිරිඟු පිටි පැරණි මිලටම නැවත ලබාදෙන බවට ජීවන වියදම් කමිටුවේදී තිරිඟු පිටි සමාගම් පොරොන්දු වූ බවට එම කමිටුවේ සභාපති අමාත්‍ය පී. හැරිසන් මහතා සිදුකර ඇති ප්‍රකාශය අසත්‍යයක් බව වාර්තා වෙයි.
පසුගියදා තිරිඟු පිටි කිලෝවක මිල රු.5.50කින් ඉහළ දැමුණි. කෙසේ වෙතත්, මෙම මිල ඉහළ දැමීම රජයේ අවසරයකින් තොරව සමාගම් විසින් සිදුකළ බව අමාත්‍යවරයා කීය.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් අදාළ සමාගම් සමග ඊයේ සිදුකළ සාකච්ඡාවකින් පසුව පැවති මිලටම තිරිඟු පිටි ලබාදීමට අදාළ සමාගම් පොරොන්දු වූ බව අමාත්‍යවරයා කියා සිටියදී මේ සම්බන්ධයෙන් කළ සොයාබැලීම්වලදී අපට දැනගන්නට ලැබුණේ එවැනි එකඟතාවකට පැමිණ නොමැති බවකි.