ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය වරායන් සංවර්ධනය යටතේ ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කිරීමට කටයුතු කෙරෙන බව ශ්‍රී ලංකා වරාය අධීකාරිය පවසයි.
මේ පිළිබඳ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක සහ උප සභාපති පී.ජී. දසනායක යන මහත්වරුන් ප්රමුඛ ඉහළ කළමනාකාරීත්වය හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා ශ්‍රී ලංකා වරාය අධිකාරියේදී පැවැත්විණි.
එහිදී, ආණ්ඩුකාරවරයා පවසා තිබුණේ මෙම සංවර්ධන කාර්යයේදී වරාය සතු භූමි ප්‍රදේශයන් නිසි ලෙස ආවරණය කරගත යුතු බවත්, ඉඩම් අත්පත් කරගැනීමේදී නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරමින් කටයුතු කළ යුතු බවත්ය.
එමෙන්ම, නැගෙනහිර පළාත සතු භූමියේ ශක්‍යතා හැඳිනගනිමින් සංචාරක ප්‍රවර්ධන කලාපයක් ලෙස ස්ථාපිත කිරීමේ ඇති වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබේ.
මෙහිදී, අදහස් දැක්වූ වරාය සභාපතිවරයා පවසා තිබුණේ ත්‍රිකුණාමලය වරාය සම්බන්ධයෙන් රජය විසින් ගෙන ඇති තිරසර සංවර්ධන වැඩසටහන යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංවර්ධන සැලැස්මට සමගාමීව ශක්‍යතා අධ්‍යයනයකින් අනතුරුව මෙම වරාය සංවර්ධන කටයුතු ඇරඹීමට පියවර ගන්නා බවයි.