තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයට අදාල නවෝත්පාදනයන්හි බුද්ධිමය දේපල අයිතිය තහවුරු කරදීමට සහාය වීම සඳහා උපකාරක මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ.
ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ (WIPO) සහ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ (NIPO) උපදේශකත්වය යටතේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA ) විසින් මෙම නව උපකාරක මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත.
මෙම තාක්ෂණ හා නවෝත්පාදන උපකාරක මධ්‍යස්ථානය (TISC) එම ක්ෂේත්රය පිළිබඳ විශේෂඥ දැනුම සහිත සාමාජිකයින් හය දෙනෙකුගෙන් සමන්විත බව කියයි.
මේ අනුව පරිගණක වැඩසටහන්, පරිගණක මෘදුකාංග, පරිගණක ක්‍රීඩා ආදී විවිධාකාර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයට අදාළ නවෝත්පාදන සඳහා බුද්ධිමය දේපල අයිතිවාසිකම් තහවුරු කරගැනීමට මෙම මධ්‍යස්ථානය මගින් සහාය ලබාදෙනු ඇත.
මෙම තාක්ෂණ හා නවෝත්පාදන උපකාරක මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේ අධ්යක්ෂ ජෙනරාල් ගීතාංජලී රණවක, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී දමිත් හෙට්ටිහේවා යන මහත්ම මහත්මීන් අතර පසුගියදා කොළඹදී සිදුවී තිබේ.
එම අවස්ථාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලාධාරී දමිත් හෙට්ටිහේවා මහතා සඳහන් කර තිබුණේ නව නිපැයුම්කරුවන් මෙන්ම නව ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා නියෝජිතායතනය විසින් වැඩසටහන් කිහිපයක් මේ වනවිට ක්‍රියාවට නංවා තිබෙන අතර, මේ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමත් සමග එම කටයුතු තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට හැකි වනු ඇති බවත්ය.
මෙහිදී අදහස් දැක්වූ ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේ අධ්යක්ෂ ජෙනරාල් ගීතාංජලී රණවක මහත්මිය සඳහන් කළේ මෙම උපකාරක මධ්‍යස්ථානයට සම්බන්ව සිටින පිරිස් සඳහා දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් අත්දැකීම් ලබාගත හැකි පරිදි විධිමත් පුහුණුවීම් ලබාදීමට ඉදිරියේදී අපේක්ෂා කරන බවයි. එසේම, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ලබාගැනීම පිළිබඳ තොරතුරු මෙරට නවෝත්පාදන ලාභීන්ටද දැනගැනීමට පහසුකම් සලසන බවත්, එමගින් ඔවුන්ටද නිසි දැනුවත් වීමකින් පසු එම කටයුතු කර ගැනීමට පහසුවක් වන බවත් නියෝජිතායතනය සමග එක්ව කටයුතු කිරීමට හැකිවීම ගැන සතුටු වන බවත් හෙතෙම සඳහන් කර තිබේ.
මෙම අවස්ථාවට සහභාගි වූ ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ ආසියා සහ පැසිපික් කාර්යාලයේ උපදේශක ඩේවිඩ් සයිමන් මහතා මෙහිදී සඳහන් කර තිබුණේ මෙවැනි උපකාරක මධ්‍යස්ථාන මේ වනවිට ලෝකයේ නගර හා ගම් සිසාරා පිහිටුවා තිබෙන අතර, මෙරට නව නිපැයුම්කරුවන්ටද එම අත්දැකීම් ලබා ගැනීමට මෙය රුකුලක් වනු ඇති බවත්ය.
ආරාධිත දේශකයෙක් වශයෙන් මේ අවස්ථාවට එක්වූ විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්යක්ෂ මහාචාර්ය අජිත් ද අල්විස් මහතා මෙහිදී සඳහන් කර ඇත්තේ බුද්ධිමය දේපල අයිතිවාසිකම් තහහුරුකර ගැනීමට කටයුතු කිරීමෙන් නවෝත්පාදකයන්ට ආර්ථිකමය ප්රතිලාභ ලබාගැනීමට මඟ සැලසෙනවා සේම එවැනි බුද්ධිමය දායකත්වයන් හරහා ශ්‍රී ලංකා ආර්ථිකය වෙත වටිනාකමක් එක් කිරීමට කාලය එලඹ ඇති බවය.
මෙම තාක්ෂණ හා නවෝත්පාදන උපකාරක මධ්‍යස්ථානය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ස්ථාපිත කර තිබේ. www.nipo.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සහ [email protected] ඊමේල් ලිපිනය ඔස්සේ මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගත හැකිවේ.
ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේ සහකාර අධ්යක්ෂ (තොරතුරු හා විභාග) නලින් ද අතපත්තු මහතාද මෙහිදී අදහස් දැක්වීය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතයේ විශේෂ ව්‍යාපෘති අධ්යක්ෂ කාංචන තුඩුගල, වැඩසටහන් කළමනාකරු සවින්ද්රය සමරරත්න, ව්‍යාපෘති කළමනාකරු අසංක සුරවීර, සහකාර තාක්ෂණික ප්‍රධානී ජයනාත් ලියනගේ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.