ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ 2021 අයවැය ලේඛනය අතිමහත් බහුතරයකින් සම්මත වී ඇති මොහොතක ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය ගෙන ඇති ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාමාර්ගය ගැන ශ්‍රී ලංකා රජය කලකිරීමට පත්ව සිටින බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ඉදිරි කාලපරිච්ඡේදය තුළ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා නව දිශානතියක් සමග ප්‍රවේශමෙන් සකස් කරන ලද මධ්‍ය කාලීන ප්‍රතිපත්ති රාමුවක් මෙවර අයවැයෙන් ඉදිරිපත් කර ඇති බවද මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ඒජන්සිය වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය ශ්‍රී ලංකාව ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම පහළ දැමීම ගැන ප්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍යාංශය පවසයි.