ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව ශ්‍රී ලංකා රුපියල 2019 අප්‍රේල් 22 වැනිදා දක්වා කාලපරිච්ඡේදය තුළදී 4.8%කින් අතිප්‍රමාණය වී තිබේ.
වෙළෙඳ හිඟය සැලකිය යුතු ලෙස අඩුවීම සමග මූල්‍ය ගිණුම වෙත ලැබීම්, 2019 වසරේ ජනවාරි මාසයේදී ඇ.ඩො.බිලියනයක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය පියවීමෙන් පසුව වෙළෙඳ පොළ විශ්වාසය නැවත ස්ථාපිතවීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමීපස්ථ ණය පහසුකම අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා නිලධාරී මට්ටමේ සාකච්ඡා සාර්ථකව සිදුකිරීම මෙන්ම, එක්සත් ජනපද ෆෙඩරල් සංචිත බැංකුව ඇතුළු අනෙකුත් දියුණු ආර්ථිකයන්හි මුදල් ප්‍රතිපත්තිය යම් ඉවසිලිමත් ස්වභාවයකින් සිදුකිරීම සමග 2019 පෙබරවාරි මාසය අවසන් වනවිට ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 1.6%කින් අතිප්රමාණයට හේතු වූ බවද මහ බැංකුව කියයි.