නව කොරෝනා වෛරසය පැතිර යාමත් සමග ඉල්ලුම පහළ යෑම හේතුවෙන් මිල පහළ ගිය ලෝක බොරතෙල් මිල මේ වනවිට යළිත් ඉහළ යමින් පවතින බව වෙළෙඳ පොළ තොරතුරු පවසයි.
ඒ අනුව, පෙබරවාරි මස 2 වැනි සතිය වනවිට ඇ.ඩො.53ක් දක්වා පහත වැටුණු බොරතලේ බැරලයක මිල යළිත් ඇ.ඩො.60ක සීමාව වෙත පැමිණ ඇති බව වෙළෙඳ පොළ තොරතුරු වැඩිදුරටත් පෙන්වා දෙයි.