ජාත්‍යන්තර ඇසුරුම්කරණ ප්‍රදර්ශනය LANKAPAK 2026
ශ්‍රී ලංකාවේ ඇසුරුම්කරණ කර්මාන්තය මේ වන විට සැලකිය යුතු වෙනස්කම්වලට ලක්වෙමින් පවතින අතර, තිරසාරභාවය, සම්පත් කාර්යක්ෂමතාව, නවෝත්පාදනය, තාක්ෂණය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ අවශ්‍යතාවලට අනුකූල වීම සම්බන්ධයෙන් අවශ්‍යතා සපුරාලීම සඳහා ව්‍යාපාරවලට වැඩි අවධානයක් යොමු කිරීමට සිදුව තිබේ.
මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ඇසුරුම්කරණ ප්‍රදර්ශනය වන LANKAPAK 2026, 2026 ඔක්තෝබර් 23 සිට 25 දක්වා කොළඹ BMICH හි සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේදී(SBMEC) පැවැත්වීමට නියමිතය. මෙහිදී, ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශයන්හි ප්රමුඛ පෙළේ කර්මාන්ත පාර්ශ්වකරුවන් රැසක් එකම වේදිකාවකට එක්වනු ඇත.
ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනය (SLIP) විසින් CDC Events සමඟ එක්ව සංවිධානය කරනු ලබන LANKAPAK හි 27 වැනි අදියරට ශ්‍රී ලංකාව සහ විදේශයන් නියෝජනය කරමින් සමාගම් 80කට අධික සංඛ්‍යාවකින් ප්‍රදර්ශන කුටි 160කට වැඩි සංඛ්‍යාවක් එක්වනු ඇත. චීනය, ඉන්දියාව, පාකිස්තානය, මාලදිවයින සහ අනෙකුත් දකුණු ආසියානු රටවල සහභාගිවන්නන් ද මීට ඇතුළත් වේ.
ගෝලීය වෙළෙඳපොළ තුළ වෘත්තාකාර ආර්ථික ක්‍රමවේද, අපද්‍රව්‍ය කළමනාකාරය කිරීම, ප්‍රතිචක්‍රීකරණය, ද්‍රව්‍ය කාර්යක්ෂමතාව සහ තිරසාර නිෂ්පාදනය කෙරෙහි වැඩි අවධානයක් යොමුවෙමින් පවතින අවස්ථාවක LANKAPAK 2026 පැවැත්වීම ඇසුරුම්කරණ ක්ෂේත්රයට ඉතා වැදගත් වේ. ඇසුරුම්කරණය තවදුරටත් නිෂ්පාදනයක් ආරක්ෂා කිරීම සහ ඉදිරිපත් කිරීම සඳහා පමණක් භාවිත වන ක්‍රමයක් නොවන අතර, එය නිෂ්පාදන කාර්යක්ෂමතාව, නිෂ්පාදන සංවර්ධනය, සන්නාම වටිනාකම සහ අපනයන තරගකාරීත්වය කෙරෙහි බලපාන වැදගත් සාධකයක් බවට පත්ව ඇත.
මෙම ප්‍රදර්ශනය මගින් ඇසුරුම්කරණ වටිනාකම් දාමය පුරා සිදුවන නවතම සංවර්ධනයන් ප්‍රදර්ශනය කෙරෙන අතර, ඇසුරුම්කරණ යන්ත්‍රෝපකරණ, සැකසුම් තාක්ෂණයන්, මුද්‍රණ ක්ෂේත්රය, ප්ලාස්ටික්, කඩදාසි, ලේබල්කරණය, තිරසාර ඇසුරුම්කරණය සහ නවෝත්පාදන ද්‍රව්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඊට ඇතුළත් වේ.
තරගකාරී ඇසුරුම්කරණ කර්මාන්තයක් සංවර්ධනය කිරීම ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රයේ වර්ධනයට වැදගත් වේ. ජාත්‍යන්තර ගැනුම්කරුවන් නිෂ්පාදන සඳහා ඇසුරුම්කරණය, ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ තිරසාරභාවය සම්බන්ධ නිශ්චිත ප්රමිතීන් සපුරාලීම අපේක්ෂා කරයි. ඒ අනුව, ශක්තිමත් ඇසුරුම්කරණ හැකියාවන් තුළින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදකයන්ට සහ අපනයනකරුවන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා වඩාත් හොඳින් සූදානම් වීමටත්, කලාපීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ සාර්ථකව තරග කිරීමටත් හැකි වේ.
LANKAPAK 2026 මඟින් ශ්‍රී ලාංකික නිෂ්පාදකයන්, අපනයනකරුවන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SMEs) මෙන්ම ජාත්‍යන්තර තාක්ෂණ සැපයුම්කරුවන්, ගැනුම්කරුවන් සහ කර්මාන්ත වෘත්තිකයන් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව සලසා දෙනු ඇත. එමඟින් නව විසඳුම් හඳුනා ගැනීමට, ව්‍යාපාරික හවුල්කාරිත්වයන් ගොඩනඟා ගැනීමට සහ නව වෙළෙඳපොළ වෙත ව්‍යාප්ත වීමට වටිනා අවස්ථා උදා වේ.
ප්‍රදර්ශනයට සමගාමීව ඔක්තෝබර් මස 23 සහ 24 යන දෙදින තුළ පැවැත්වෙන SLIP Annual Packaging Congress 2026 මඟින් ඇසුරුම්කරණයේ අනාගතය හැඩගස්වන ප්‍රධාන සංවර්ධනයන් පිළිබඳව කර්මාන්ත ප්‍රධානීන්, විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ වෘත්තිකයන් අතර සාකච්ඡා සඳහා විශේෂ වේදිකාවක් සපයනු ඇත. “Rewriting Packaging in the New Global Economic Landscape” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සම්මේලනයේදී තිරසාරභාවය, නවෝත්පාදනය, නව තාක්ෂණයන්, වෙනස් වන ගෝලීය වෙළෙඳපොළ අවශ්‍යතා මෙන්ම ව්‍යාපාරික හා අපනයන තරගකාරීත්වය ශක්තිමත් කිරීමේදී ඇසුරුම්කරණයේ භූමිකාව පිළිබඳව අවධානය යොමු කෙරේ.
මෙහි තවත් ප්‍රධාන අංගයක් වන Packaging Clinic මගින් ඇසුරුම් නිර්මාණය, ද්‍රව්‍ය තෝරා ගැනීම, ප්රමිතීන්, නිෂ්පාදන සංවර්ධනය, තිරසාරභාවය සහ අපනයන සඳහා සූදානම් වීම සම්බන්ධයෙන් ව්‍යාපාර සඳහා ප්‍රායෝගික උපදෙස් ලබා දෙනු ඇත. විශේෂයෙන්ම තම ඇසුරුම්කරණ විසඳුම් වැඩිදියුණු කර ගනිමින් තම නිෂ්පාදන පුළුල් වෙළෙඳපොළ වෙත ගෙන යාමට අපේක්ෂා කරන SMEs සහ ව්‍යවසායකයන් සඳහා මෙම වැඩසටහන ඉතා වැදගත් වනු ඇත.
මීට සමගාමීව දිනපතා පැවැත්වෙන Daily Tech Forum සැසි මගින් නව තාක්ෂණයන්, නවෝත්පාදන ද්‍රව්‍ය, ගෝලීය ප්රවණතා සහ ඇසුරුම්කරණ කර්මාන්තයේ ප්‍රධාන සංවර්ධනයන් පිළිබඳ දැනුම බෙදාගැනීමට අවස්ථාව සලසා දෙනු ඇත.
LANKAPAK 2026 මගින් ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනය (SLIP) දශක පහකට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකාවේ ඇසුරුම්කරණ ක්ෂේත්රයේ සංවර්ධනයට ලබා දී ඇති දීර්ඝකාලීන දායකත්වයද පිළිබිඹු කරයි. අධ්‍යාපනය සහ වෘත්තීය සංවර්ධනය, තාක්ෂණික පුහුණුව, කර්මාන්තය වෙනුවෙන් පෙනී සිටීම, ප්‍රදර්ශන, සම්මාන සහ ජාත්‍යන්තර සබඳතා හරහා SLIP ආයතනය ඇසුරුම්කරණ කර්මාන්තයේ දැනුම, නවෝත්පාදනය සහ උසස් ප්රමිතීන් අඛණ්ඩව ප්‍රවර්ධනය කරයි.
ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනයේ සභාපති නිශාන් පෙරේරා මහතා අදහස් දක්වමින්, “LANKAPAK 2026 යනු හුදෙක් ප්‍රදර්ශනයක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ ඇසුරුම්කරණ කර්මාන්තයේ අඛණ්ඩ සංවර්ධනය සඳහා වැදගත් වේදිකාවක්. විශේෂයෙන්ම දේශීය නිෂ්පාදකයන්, අපනයනකරුවන් සහ SMEs ඇතුළු ව්‍යාපාර, ඔවුන්ගේ වර්ධනයට සහ තරගකාරීත්වයට අවශ්‍ය තාක්ෂණය, දැනුම සහ හවුල්කාරිත්වයන් සමඟ සම්බන්ධ කිරීම අපගේ ප්‍රධාන අරමුණයි. ගෝලීය වශයෙන් තිරසාරභාවය, වෘත්තාකාර ආර්ථික ක්‍රමවේද සහ නව තාක්ෂණයන් ඇසුරුම්කරණ ක්ෂේත්රය වෙනස් කරමින් පවතින බැවින්, ශ්‍රී ලාංකේය කර්මාන්තයට මෙම වෙනස්කම් සහ ඒවා මගින් නිර්මාණය වන අවස්ථාවන් සඳහා සූදානම් වීම ඉතා වැදගත් වෙනවා” යැයි පැවසීය.
ප්රමුඛ පෙළේ කර්මාන්ත හවුල්කරුවන්ගේ අඛණ්ඩ සහයෝගය මගින්ද LANKAPAK ඇසුරුම්කරණ කර්මාන්තය සඳහා වැදගත් වේදිකාවක් බව තවදුරටත් තහවුරු කරයි. KWO Printing Needs (Pvt.) Ltd. ප්‍රධාන අනුග්‍රාහකයා (Principal Sponsor) ලෙසත්, Polydime Plastics (Pvt.) Ltd. ප්ලැටිනම් අනුග්‍රාහක (Platinum Sponsor) ලෙසත් එක්ව සිටී. Petro Packaging (Pvt.) Ltd. සහ Advanced Printing Technologies (Pvt.) Ltd. රන් අනුග්රාහකයන් (Gold Sponsor) ලෙසත්, FMJ Holdings සහ CMC Engineering Export GmbH රිදී අනුග්රාහකයන් (Silver Sponsor) ලෙසත් ප්‍රදර්ශනයට සහාය දක්වයි.
KWO Printing Needs (Pvt.) Ltd. හි කළමනාකාර අධ්යක්ෂ (ප්‍රධාන අනුග්‍රාහක) කුමාර වෙලන්ගොඩ මහතා අදහස් දක්වමින්, “LANKAPAK 2026 හි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස, KWO Printing Needs (Pvt) Ltd. ශ්‍රී ලංකාවේ ඇසුරුම්කරණ කර්මාන්තය තුළ නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය ඉදිරියට ගෙන යන ප්රමුඛ පෙළේ වේදිකාවකට සහාය දැක්වීමට ලැබීම පිළිබඳව ආඩම්බර වෙනවා. මෙම ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීම සඳහා සංවිධායකයන් දක්වන කැපවීම අපි අගය කරන අතර, ප්‍රදර්ශනයේ සාර්ථකත්වය සඳහා අපගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමනවා” යැයි පැවසීය.
Polydime International (Pvt.) Ltd. හි අධ්යක්ෂ (ප්ලැටිනම් අනුග්‍රාහක) ජොහාන් ට්රැන්චල් මහතා පැවසුවේ, “LANKAPAK ප්‍රදර්ශන හරහා, කාර්යසාධනය, ගුණාත්මකභාවය සහ තාක්ෂණය ඒකාබද්ධ කළ නව්‍ය හා තිරසාර ඇසුරුම් විසඳුම් ලබාදීමට Polydime Group සමාගමට හැකි වී තිබෙනවා. එමඟින් පාරිභෝගිකයන්ට තම නිෂ්පාදන ආරක්ෂා කර ගැනීමටත්, වෙළඳ නාම ශක්තිමත් කිරීමටත්, සාර්ථක අනාගතයක් ගොඩනැගීමටත් සහාය වෙනවා” යනුවෙනි.
SLIP Annual Packaging Congress සඳහා දියමන්ති අනුග්‍රාහක ලෙස Snackings (Pvt.) Ltd. සහ රන් අනුග්‍රාහක ලෙස Polymer Colour (Pvt.) Ltd. අභිමානයෙන් සහයෝගය ලබා දෙයි.
LANKAPAK 2026 මගින් කර්මාන්ත වෘත්තිකයන්, නිෂ්පාදකයන්, අපනයනකරුවන්, SMEs, ව්‍යවසායකයන් සහ අනෙකුත් කර්මාන්ත පාර්ශ්වකරුවන් සඳහා වටිනා අවස්ථා රැසක් නිර්මාණය කරනු ඇත. තෙදින පුරා පැවැත්වෙන ප්‍රදර්ශනය, සම්මේලනය, Packaging Clinic සහ තාක්ෂණික දැනුම බෙදාගැනීමේ වැඩසටහන් සඳහා සහභාගි වී එම අවස්ථාවන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නා ලෙස සියලු දෙනාට ආරාධනා කෙරේ.
වැඩිදුර තොරතුරු සහ යාවත්කාලීන කිරීම් සඳහා www.lankapak.com වෙත පිවිසෙන්න.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
