2019 දෙසැම්බර් මාසයේ පැවති 6.2%ක ලක්ෂ්යමය උද්ධමනය 2020 ජනවාරි මාසයේදී 7.6% දක්වා ඉහළ ගොස් තිබේ.
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි ලක්ෂ්යමය වෙනස මගින් මෙම මතුපිට උද්ධමනය ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබයි.
ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමයන්හි මිල ගණන්වල සිදුවූ මාසික ඉහළ යෑම් මේ සඳහා දායක වී ඇති බව මහ බැංකුව පවසයි.