ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් සිදු කෙරෙන බලපත්‍ර නිකුත් කිරීම සහ ලියාපදිංචි කිරීම ඇතුළු සේවා කිහිපයක් අන්තර්ජාලය ඔස්සේ සිදුකර ගැනීමට පහසුකම් සලසා තිබේ.
මේ අනුව, ෆාමසි ලියාපදිංචි කිරීම, ඖෂධ/ වෛද්‍ය උපකරණ සහ සීමාස්ත නිෂ්පාදන අපනයනකරුවන් ලියාපදිංචිය, පෞද්ගලික වශයෙන් ගෙන්වන ඖෂධ සදහා අනුමැතිය ලබාදීම, අන්තරායකාරී ඖෂධ පාලනය යන සේවා මෙසේ අන්තර්ජාලය ඔස්සේ සිදුකර ගැනීමට හැකි බව කියයි.
www.enmra.nmra.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම පහසුකම් ලබාගැනීමට හැකිය.
ඉහත සඳහන් සේවා ලබාදීම සදහා සම්බන්ධ ශ්‍රී ලංකා රේගුව සහ ආනයන අපනයන දෙපාර්තමේන්තුවද ඉදිරියේදී අන්තර්ජාලය ඔස්සේ මෙම පද්ධතිය හා සම්බන්ධ කර ගනිමින් සේවා ලබාදීමට හැකිවන අයුරින් ව්‍යාපෘතිය පුළුල් කිරීමට අපේක්ෂා කරන බව වැඩසටහන් කළමනාකරු ශ්‍රියානන්ද රත්නායක පවසයි.
එපික් ලංකා ටෙක්නොලිජීස් (පෞද්.) සමාගම මෙම ව්‍යාපෘතියේ පද්ධති සැපයුම්කරු ලෙස කටයුතු කරයි.
මැති ඇමතිවරුන්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව, ප්‍රධාන විධායක නිලධාරී දමිත් හෙට්ටිහේවා, ව්‍යාපෘති අධ්යක්ෂ ඉන්දික ද සොයිසා, ප්‍රසම්පාදන අධ්යක්ෂ ගාමිණී කරුණාරත්න, එපික් ලංකා ආයතනයේ තරින්ද්‍ර කල්පගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.