ග්ලෝබල් ෆයිනෑන්ස් ආසියා පැසිෆික් සම්මානය කොමර්ෂල් බැංකුව දිනාගනී
තිරසර බැංකුකරණය වෙනුවෙන් බැංකුව දැක්වූ කැපවීමට සුවිශේෂී ගෞරවයක් ලබමින් ග්ලෝබල් ෆයිනෑන්ස් හයවන වාර්ෂික තිරසර මූල්‍ය සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුව, චක්‍රීය ආර්ථික කැපවීම වෙනුවෙන් ආසියා පැසිෆික් කලාපයේ ජයග්‍රාහකයා බවට පත් විය.
මෙම සම්මානය මගින් අගය කරනු ලබන්නේ ද්‍රව්‍ය හා සම්පත් නැවත භාවිතය සහ පුනර්ජනනය දිරිමත් කරන, පාරිසරික වශයෙන් තිරසර වූත්, දේශගුණික බලපෑම්වලට ප්‍රතිරෝධී වූත් නිෂ්පාදන ආකෘති සඳහා සහාය ලබා දෙන ආකාරයේ මූල්‍යකරණ මුලපිරීම් ඉදිරියට ගෙන යමින් ලබා දෙන නායකත්වය යි. මෙම වසරේ චක්‍රීය ආර්ථික කැපවීම වෙනුවෙන් අනෙක් කලාපවල ජයග්‍රාහකයින් අතර උතුරු ඇමෙරිකාවේ Scotiabank බැංකුව හා මධ්‍යම සහ නැගෙනහිර යුරෝපය සඳහා UVB බැංකුව ද සම්මාන ලැබීය.
පසුගිය දා ලන්ඩන් නගරයේ ලෑන්ඩින් 42 හිදී පැවති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ දී කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන අවදානම් කළමනාකරණ නිලධාරී කපිල හෙට්ටිහාමු මහතා බැංකුව වෙනුවෙන් සම්මානය පිළිගත්තේය.
මෙම ජයග්‍රාහකයින් තෝරාගෙන ඇත්තේ, සමස්ත තිරසරභාවය සඳහා වන මූල්‍යකරණය, බැඳුම්කර නිකුතුවල විශිෂ්ටත්වය, ප්‍රජා සහයෝගය, සම්පත් කළමනාකරණය, විනිවිදභාවය හා වාර්තාකරණය, යටිතල පහසුකම් හා නැගී එන වෙළෙඳපොළවල තිරසරභාවය වෙනුවෙන් අරමුදල් සැපයීම වැනි ක්ෂේත්‍ර අනුව බව සඟරාව පැවසීය.
කොමර්ෂල් බැංකුවේ හරිත මූල්‍යකරණ උපායමාර්ගය හරහා පරිසරයට කාබන් මුදාහැරීම අවම වන, දේශගුණික බලපෑම්වලට ප්‍රතිරෝධී වූ හා පාරිසරික වශයෙන් ප්‍රයෝජනවත් ව්‍යාපෘති මුලපිරීම් වලට යොමු වීම සඳහා යහපාලනික පදනම සපයයි. මෙම උපායමාර්ගය ශ්‍රී ලංකා මහ බැංකුවේ හරිත මූල්‍ය වර්ගීකරණය, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක මෙන් ම ශ්‍රී ලංකාවේ ජාතික නියාමන ප්‍රතිපත්ති වලට ද අනුකූල වේ. පුනර්ජනනීය බලශක්තිය, බලශක්ති කාර්යක්ෂමතාව, climate-smart කෘෂිකර්මාන්තය, තිරසර ප්‍රවාහනය, අපද්‍රව්‍ය කළමනාකරණය සහ හරිත ගොඩනැගිලි ඇතුළු දේශගුණික ගැටළුවලට මැනිය හැකි ආකාරයේ බලපෑම් ඇති කළ හැකි විසඳුම් ලබා දෙන ව්‍යාපෘති හඳුනා ගැනීම, තක්සේරු කිරීම හා අධීක්ෂණය කිරීම සඳහා එමගින් මඟ පෙන්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
