නව කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම සමග කොළඹ මැනිං පොදු වෙළෙඳ පොළ වසා දමන බවට පැතිර යන තොරතුරු අසත්‍ය බව කොළඹ මැනිං පොදු වෙළෙඳ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ මහතා කියා සිටියේ සාමාන්‍ය පරිදි කොළඹ මැනිං වෙළෙඳ පොළ කටයුතු තවදුරටත් සිදුකෙරෙන බවයි.