කොළඹ දිස්ත්රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2020 වසරේ දෙවැනි භාගයේදී 4.6%ක වාර්ෂික වර්ධනයක් සමග 145.2ක අගයක් වාර්තා කර තිබුණද, ඉඩම් තක්සේරු දර්ශකයෙහි වාර්ෂික වර්ධනය පසුගිය කාල පරිච්ඡේදයන්හි දක්නට ලැබුණු පහළ යාමේ ප්රවණතාවට අනුකූල වූ බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
එහිදී 2020 වසරේ පළමු වැනි භාගයට සාපේක්ෂව 2020 වසරේ දෙවැනි භාගයේදී ඉඩම් තක්සේරු දර්ශකය පෙන්වා ඇත්තේ 2.5%ක වර්ධනයක් පමණි. එනමුදු 2019 දෙවැනි භාගයේදී එය 5.0%ක වර්ධනයක් පෙන්වීය.
කෙසේ වෙතත් 2020 වසරේ දෙවැනි භාගයේදී ඉඩම් තක්සේරු දර්ශකයෙහි වාර්ෂික වර්ධනය සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන ඉඩම් තක්සේරු අනුදර්ශක තුනෙහිම ඉහළ යාම හේතු වී ඇත. නේවාසික ඉඩම් තක්සේරු අනු දර්ශකය මගින් වැඩිම වාර්ෂික වර්ධනය වන 4.7%ක අගය වාර්තා වූ අතර, අනුපිළිවෙළින් කාර්මික සහ වාණිජ ඉඩම් තක්සේරු අනු දර්ශකයන්හි වර්ධනය 4.6%ක් සහ 4.5%ක් ලෙස දක්නට ලැබුණි.