නියඟය සහ ගංවතුර වැනි දේශගුණික විපර්යාසයන්ට ගොදුරු වන ගොවීන්ට උපකාර කිරීම මූලික කොට දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා ඇ.ඩො. මිලියන 125ක ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) එකඟතාවය ලබා දී ඇත.
2019 අප්‍රේල් 8 සිට 14 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන්හිදී ලෝක බැංකු හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසන්ත රැස්වීම පැවැත්වෙන අතර මෙම ව්‍යාපෘතියට අදාළ ණය ගිවිසුම 2019 අප්‍රේල් 11 වැනි දින වොෂිංටන් වේලාවෙන් 1.45ට ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග මහතාද ලෝක බැංකුව වෙනුවෙන් දකුණු ආසියා කලාපීය උප සභාපති හාට්විග් ෂෆර් මහතාද අත්සන් තබන ලදී.