කොවිඩ්-19 වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස පීඩාවට පත්ව ආධාර අවැසි පවුල්වලට සහ වසංගතයට එරෙහිව ඉදිරිපෙළ හිඳිමින් සටන් කරන සේවකයින්ටද නෙස්ලේ වෙතින් රු.මිලියන 50ක ආධාර හිමිව තිබේ.
සහන සැලසීමේ දෙවැනි අදියරේදී, තම වැටුපෙන් කොටසක්, අවශ්‍යතා ඇති අයට උපකාර කරනු පිණිස, ස්වේච්ඡාවෙන් පිරිනැමීමට සූදානමින් සිටින තම සේවකයින් සමඟද නෙස්ලේ එක්වනු ඇත. සමාගම, සියලුම සේවක දායකත්වයන් එකින් එක පදනම මත ගැලපෙනු ඇත.
“අපි ශ්‍රී ලංකාව සමඟ පසුගිය වසර 114 පුරා යහපත් කාලවලදී මෙන්ම අයහපත් කාලවලදීද රැඳී සිට ඇති අතර අපගේ සේවකයින්, පාරිභෝගිකයින්, ගොවීන්, ව්‍යාපාරික හවුල්කරුවන් සහ ප්‍රජාවගේ සුබසාධනයපිළිබඳව අපි ගැඹුරින්සැළකිලිමත්ව කටයුතු කරතිබෙනවා. අද, අපි ඔරොත්තු දීමේ හැකියාව, ධෛර්යය සහ හෘදයාංගමභාවයසමඟ මෙම වසංගතයට එරෙහිව සටන් කිරීමේදී අපට කළ හැකි උපරිමය සිදුකරමින් ඔවුන් සමඟ දිගටම රැඳීසිටිනවා.”නෙස්ලේ ලංකා කළමනාකාර අධ්යක්ෂ ෆැබ්රිස් කැවලින් මහතා පැවසීය.
සමාගම හැකි උපරිමයෙන් සිය අගය දාමය හරහා තම පාර්ශවකරුවන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා පුළුල් සහන සේවා ක්‍රියාත්මක කර ඇති බව ඔවුහු වැඩිදුරටත් පවසති.