කොවිඩ්-19 වෛරසයේ අවදානමට ශ්‍රී ලංකාවද ලක්ව ඇති මේ අවස්ථාවේ, ස්වකීය පාරිභෝගිකයන්ට අඛණ්ඩ සන්නිවේදන සබඳතාව පවත්වා ගැනීම පහසු කරලීම පිණිස හච් වැඩසටහනක් දියත් කර තිබේ.
එමගින් ඇමතුම් ලබා ගැනීම සඳහා දුරකතනයේ මුදල් නොමැති 078 හා 072 පාරිභෝගිකයන් වෙනුවෙන් සහන රීලෝඩ් දීමනාවක් පිරිනමන බවත්, මෙම සහන රීලෝඩ් දීමනාව එනිටයිම් ඩේටා, ජාලගත ඇමතුම් හා SMS සඳහා භාවිත කිරීමේ හැකියාව පවතින බවද කියයි.
සියලු හච් පෙර ගෙවුම් පාරිභෝගිකයන්ට ඇඳිරි නීතිය කාලය තුළ අඛණ්ඩ දුරකතන සබඳතාව පවත්වා ගැනීම පිණිස මෙම අතුරු දීමනාව හච් වෙතින් පිරි නැමෙයි. *288# අංකනය කිරීමෙන් පාරිභෝගිකයන්ට මෙම සහන රීලෝඩ් දීමනාව ලබාගත හැකි වන අතර, එය අද (26දා) සිට මාර්තු 31දා දක්වා වලංගු බවද පෙන්වා දෙයි.
එමෙන්ම හච් මේ වනවිටත් ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිසම සමග සම්බන්ධ වී, සිය පාරිභොගිකයන්ට කොවිඩ්-19 වෛරසය පැරදවීම සඳහා ශක්තිමත්ව හා ආරක්ෂිතව සිටීම දිරිමත් කරමින්, ‘Work from Home’තේමාව යටතේ, අසීමිත අන්තර්ජාල පහසුකම් හා YouTube පැකේජ, එනිටයිම් ඩේටා පැකේජ, දුරකතන ඇමතුම් සඳහා වැඩිකළ ණය මුදල්, මුදල් ගෙවීමේ විකල්ප විද්‍යුත් චැනල, OTT පදනම් කර ගත් නවතම පාරිභෝගික සේවා චැනල මෙන්ම, විශ්වවිද්‍යාල සිසුන්ට eLearn සේවාව සඳහා නොමිලේ ප්‍රවේශ වීමේ පහසුකමද ඇතුළත්ව පහසු හා කාලීන වැඩසටහන් ගණනාවක්ම ක්‍රියාත්මක කර ඇති බවද කියයි. ‘Work from Home’ වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු www.hutch.lk වෙබ් අඩවියට ප්‍රවේශ වීමෙන් ලබාගත හැකි බව ඔවුන් වැඩිදුරටත් කියයි.