කොවිඩ්-19 තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිනෙන මගී ප්‍රවාහන ගුවන් ගමන් වාර මැයි මස 31දා දක්වා අත්සිටුවා ඇති අතර, එම කාලය තුළ මෙරටට පැමිණෙන ගුවන් යානා පිළිබඳව විශේෂ අවදානයෙන් පසුවන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසයි.
මාලදිවයිනේ සිට පිලිපීනය බලා පියාසර කරමින් තිබූ DC-3 මාදිලියේ ගුවන් යානාවක් තාක්ෂණික නැවතුමක් සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත පැමිණි අවස්ථාවේදී සිවිල් ගුවන්සේවා පරික්ෂකවරුන් විසින් මෙසේ හදිසි සෝදිසි කිරීමකට ලක්කර තිබුණි.
එහි පැමිනි ගුවන් කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපයේ පියාසර කරන අතරවාරයේදී, කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය වෙනුවෙන් සෞඛ්‍ය අංශ විසින් හඳුන්වාදී ඇති වසංගත ව්‍යාප්ති පාලන වැඩසටහනට අනුව කටයුතු කර ඇති බවත්, අනුමැතිය ලත් උපාංග පමණක් එම ගුවන් යානාවේ රැගෙන යමින් සිටි බව තහවුරු වූ බවත් එම අධිකාරිය තවදුරටත් සඳහන් කරයි.
ගුවන් ආරක්ෂාව සහ නිරුපද්රියතතාවය (Aviation Security & Safety) අඛණ්ඩව පවත්වාගැනීම හමුවේ අඛණ්ඩව මෙවැනි සෝදිසි කිරීම් ක්‍රියාත්මක කිරීමට සිවිල් ගුවන්සේවා පරික්ෂකවරුන් කටයුතු කරමින් සිටින බව අධිකාරිය වැඩිදුරටත් පවසයි.