විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කොරෝනා වෛරස රෝගය පැතිරයාම වැලැක්වීම සම්බන්ධව ශ්‍රී ලංකාවේ සිටින සියලු තානාපතිවරු මහ කොමසාරිස්වරුන් කැඳවා විශේෂ සාකච්ඡාවක් අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
මෙහිදී මෙම රෝගය පැතිරයාම සහ එය වළක්වාගත හැකි ක්‍රම ගැන අමාත්‍යවරයා තානාපතිවරුන් හා එම රෝගය සම්බන්ධ විශේෂඥයන් සමග සාකච්චා කළ බව අමාත්‍යාංශය කියයි.
ආචාර්ය සමීර සමරකෝන් මහතා ඇතුළු කණ්ඩායමක් කරන ලද කොරෝනා වෛරසය ජීවී සෛලවලට බැඳීම වලක්වන ඖෂධ පිළිබඳව මෙහිදී දැනුවත් කිරීමක්ද සිදුකර ඇත.