මේ අතර ජාත්‍යන්තර කාන්තා දිනය මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ එක්සත් ජනපද රජයේ සහායෙන් පවත්වන ලද හස්ත කර්මාන්ත නිපැයුම් අලෙවි පොළක් පවත්වා ඇති අතර, ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් නියෝජනය කරන කාන්තා කාන්තාවන් රැසක් ඊට සහභාගී වූ බව වැඩිදුරටත් පවසයි.
"ව්‍යවසායිකාවන්, සමාජ නායිකාවන් වශයෙන් සහයෝගීතාවන් ඇතිකර ගැනීමට පෙරමුණ ගැනීමටත්, කාන්තාවන්ට ඉඩක් නිර්මාණය කරගැනීමට සහාය වන්නට ලැබීම ගැනත් එක්සත් ජනපදය ආඩම්බර වෙනවා. මේ මුලපිරීමෙන් ස්ථායීතාව, සමාජ අන්තර්ගතභාවය සහ එක්සත් බව ප්‍රවර්ධනය කරනවා" යැයි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ නියෝජ්‍ය මෙහෙවර අධ්යක්ෂ ඩෙබ්රා මෝසල් පැවසීය.