ෆිජිහි පිහිටි දකුණු පැසිෆික් කොටස් හුවමාරුව (SPSE) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) අතර සහයෝගීතාව නංවාලීම තුළින් ෆිජියන් සහ ශ්රී ලංකා කොටස් වෙළෙඳ පොළෙහි සංවර්ධන අවස්ථා වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් මෙම හුවමාරු දෙක අතර අවබෝධතා ගිවිසුමකට එළඹිම පසුගියදා සිදුව තිබේ.
බොහෝ කොටස් හුවමාරු එම රටවල්වලට ආවේණික හැකියාවන් සතුව පැවැතීම නිසා සහයෝගීතා සහ තොරතුරු හා දැනුම් සම්භාරය හුවමාරුව තුළින් රටවල් අතර වෙළෙඳ පොළ සංවර්ධනය වැඩි දියුණු කළ හැකි බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.
1979 වර්ෂයේ ස්ථාපිත වූ SPSE ආයතනය ෆිජි සමාගම් පනත මගින් ලියාපදිංචි එකම සුරැකුම්පත් හුවමාරු සමාගම වන අතර ෆිජිහි පිහිටි රීසව් බෑන්ක් ඔෆ් ෆිජි ආයතනය මගින් නියාමනය වේ.