කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අද (22දා) සඳුදා දිනයේ සුපුරුදු වේලාවට නොඇරඹෙන බව කොළඹ කොටස් වෙළෙඳ පොළ, ශ්රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සමග එක්ව නිවේදනය කරයි.
ඒ අනුව, දැනට රට තුළ උද්ගතව ඇති හදිසි තත්ත්වය හමුවේ, ඊයේ (21දා) රාත්රී පැනවූ පොලිස් ඇඳිරි නීතියද සැලකිල්ලට ගනිමින් මෙම ආයතනවල සේවකයන් සහ වෙළෙඳ පොළ ගනුදෙනු සඳහා සහභාගී වන්නන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් ඉදිරියේ ගනුදෙනු ආරම්භ වන වේලාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදුකරන බව ශ්රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සමග එක්ව කොළඹ කොටස් වෙළෙඳ පොළ වැඩිදුරටත් දැනුම් දෙයි.