ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසදයේ 60 වන වාර්ෂික මහාසභා රැස්වීම 2021 අගෝස්තු 10දා පැවැත්විණි. කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ මෙම රැස්වීම මාර්ගගතව පැවැත්වීමට කටයුතු කර තිබුණි.
ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසදය යනු මෙරට ඖෂධ කර්මාන්තයේ පෞද්ගලික අංශය නියෝජනය කරන ආනයනකරුවන්, නිෂ්පාදකයන්, බෙදාහරින්නන්, තොග සහ සිල්ලර ව්‍යාපාරිකයන් රැසකගෙන් සමන්විත ප්‍රධානතම ආයතනයයි.
1961 වර්ෂයේදී ශ්‍රී ලංකා ඖෂධ වෙළෙඳුන්ගේ සංගමය ලෙස ඇරඹි මෙම සංවිධානය මෙරට සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ විවිධාකාරයේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා විවිධ පාර්ශවකරුවන් සතු ශක්තීන් සම්බන්ධීකරණය කිරීමේ අරමුණ ඇතිව පසුව ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංසදය ලෙස ප්‍රතිස්ථාපනය කරන ලද අතර ලංකා වාණිජ මණ්ඩලය සමග අනුබද්ධිත ආයතනයකි.