ගල්ෆ් කලාපයේ ඕමානයේ සංචාරයක නිරත අමාත්‍ය කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම් සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන් ශ්‍රී ලංකාව හා ඕමානය අතර වෙළෙඳ ගනුදෙනු ශක්තිමක් කරගැනීමේ සාකච්ඡාවක් පවත්වා තිබේ.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඕමාන බලධාරීන් විසින් ශ්‍රී ලංකාව සමග ඒකාබද්ධ අධිකාරියක් මගින් දෙරටේ ද්වීපාර්ශ්වික වෙළෙඳාම නව තලයකට ගතහැකි බව ප්‍රකාශ කළ බවයි.
ඕමානයේ වාණිජ හා කර්මාන්ත අමාත්‍ය අලි බින් මසූඩ් මෙම යෝජනාව කළ බවත්, ඔහු අමාත්‍ය බදියුදීන් සමග පැමිණි සෙසු අමාත්‍යවරුන් හමුවේ පසුගිය මැයි 6දා මෙය කියා සිටි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.