ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ සෘජු ආධාර වැඩසටහන (DAP) සඳහා අයැදුම්පත් භාරගැනීම ආරම්භ කර ඇති බව දැනුම් දෙයි.
මෙම සෘජු ආධාර වැඩසටහන යනු, ශ්‍රී ලංකා සහ මාලදිවයින ඇතුළුව ලෝකය පුරා සියගණනක් සංවිධානවලට ඔවුන්ගේ ප්‍රජාවන් තුළ වෙනසක් ඇතිකිරීමට උපකාරී වන, නම්‍යශීලී සුළු ප්‍රතිපාදන වැඩසටහනක් බව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
මෙවර වටයේදී සෘජු ආධාර වැඩසටහනේ ප්‍රමුඛතාව යුද ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රජාවන්ට සාමය සහ සංහිඳියාව ළඟා කරගැනීමට උපකාරී වන හෝ සමාජ ඒකාබද්ධතා ප්‍රතිඵල වෙනුවෙන් වූ, ශ්‍රී ලංකාව පදනම් කරගත් ව්‍යාපෘතීන්වලට යොමුවන බව කියයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් මහතා පවසා සිටියේ, "සෘජු ආධාර වැඩසටහන ශ්‍රී ලංකාව, මාලදිවයින ඇතුළුව ලෝකය පුරා බිම් මට්ටමේ සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා සහාය දෙන වැඩසටහනක්. ඔබේ ප්‍රජාවට සහාය වීම සඳහා ඔබේ සංවිධානයට උදාර අදහසක් ඇත්නම්, විශේෂයෙන්ම සාමය සහ සංහිඳියාව හෝ සමාජ ඒකාබද්ධතා ප්‍රතිඵල ළඟා කරගැනීමට උපකාරී වන අදහස් ඇත්නම්, ඔබට ඇහුම්කන් දීමට අප බලාපොරත්තුවෙන් සිටිනවා" යනුවෙනි.
ලියාපදිංචි ප්‍රජා කණ්ඩායම්, ජාත්‍යන්තර හෝ දේශීය රාජ්‍ය නොවන සංවිධාන, අධ්‍යාපනික ආයතන, ස්වාධීන ආයතන හෝ ලාභ නොලැබීමේ පදනම මත සංවර්ධන ක්‍රියාකාරකම්හි නියැලෙන සංගම්වලට සෘජු ආධාර වැඩසටහනේ ආධාර ලබාගැනීමට ඉල්ලුම් කළ හැකි අතර, වසර දෙකක කාලයක් දක්වා වූ, ඔස්ට්‍රේලියානු ඩොලර් 50,000ක (දළ වශයෙන් රු.මිලියන 5.7ක) උපරිමයකට යටත්ව එම ඉල්ලුම්පත් යොමුකළ හැකි බවද ඔවුහු පවසති.
2018 ඔක්තෝම්බර් මස 31 වැනිදා අයැදුම්පත් භාරගන්නා අතර, සියලු විමසීම් සෘජු ආධාර වැඩසටහන (DAP) පිළිබඳ සම්බන්ධිකාරක වෙත [email protected] මගින් යොමුකළ හැකිය.