ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් හා ඓතිහාසික ස්ථාන පිළිබඳ තොරතුරු දැනගැනීමට සහ එම ස්ථාන නැරඹීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිලදීගත හැකි ජංගම දුරකථන යෙදවුමක් එළිදක්වා තිබේ.
මෙම e-Info CCF Sri Lanka ජංගම දුරකථන යෙදවුම PLAY STORE සහ APP STORE ඔස්සේ ඩවුන්ලෝඩ් කරගත හැකිය.
මධ්‍යම සංස්කෘතික අරමුදල (CCF) සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඒකාබද්ධව මෙම යෙදවුම එළිදක්වා ඇත.
මෙම යෙදවුම ඔස්සේ සංස්කෘතික ස්ථාන පිළිබඳ තොරතුරු පිරික්සීම සහ කිව්ආර් කේත (QR Code) මගින් එම ස්ථාන පිළිබඳ තොරතුරුවලට සවන්දීමටද හැකිවේ.
තවද මෙම තොරතුරු ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් ආදී සමාජ ජාල හරහා බෙදාගැනීමේ පහසුකම්ද ලබා දී ඇත.