කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය 2019-2020 අධ්‍යයන වර්ෂය සඳහා පහත සඳහන් ICCR ශිෂ්‍යත්ව පිරිනමනු ලබන බව නිවේදනය කරයි.
- නේරු අනුස්මරණ ශිෂ්‍යත්ව වැඩසටහන : ඉංජිනේරු විද්‍යාව, විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය, ආර්ථික විද්‍යාව, වාණිජ්‍යය, මානව සමාජ විද්‍යාව සහ කලා ඇතුළු සියලුම උපාධි පාඨමාලා (Undergraduate Courses) (වෛද්‍ය, පරිපූරක වෛද්‍ය සහ විලාසිතා නිර්මාණකරණය හැර) මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ආවරණය කෙරෙයි.
- මවුලානා අසාද් ශිෂ්‍යත්ව වැඩසටහන : ඉංජිනේරු විද්‍යාව, විද්‍යාව, ආර්ථික විද්‍යාව, වාණිජ්‍යය, මානව සමාජ විද්‍යාව සහ කලා ඇතුළු සියලුම ශාස්ත්‍රපති උපාධි පාඨමාලා (Masters Degree) (වෛද්‍ය, පරිපූරක වෛද්‍ය සහ විලාසිතා නිර්මාණකරණය හැර) මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ආවරණය කෙරෙයි.
- රජිව් ගාන්ධි ශිෂ්‍යත්ව වැඩසටහන : B.E හෝ B.Tech උපාධි සඳහා වන තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ උපාධි පාඨමාලා (Undergraduate Courses) මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ පිරිනමනු ලබයි.
- පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව වැඩසටහන : වෛද්‍ය, පරිපූරක වෛද්‍ය සහ විලාසිතා නිර්මාණකරණය හැර අනෙකුත් සියලු විෂයයන් යටතේ ආචාර්ය උපාධි පාඨමාලා (PhD) මෙම ශිෂ්‍යාත්ව වැඩසටහන යටතේ පිරිනැමෙයි.
මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා ඉන්දීය රජය සුදුසුකම් සපුරාලන, දක්ෂ ශ්‍රී ලාංකිකයන් තෝරාගනු ලබයි. ඉන්දියාවේ ඉහළම විශ්ව විද්‍යාලයන්හි උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා හැදෑරීම සඳහා අයදුම්කරුවන් තෝරාගනු ලබන්නේ ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේය.
ඒ අනුව, සියලුම ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ සම්පූර්ණ පාඨමාලා කාලය සඳහා අධ්‍යයන ගාස්තු, මාසික ජීවන වියදම් දීමනාවක් සහ පොත් සහ ලිපිද්‍රව්‍ය සඳහා වාර්ෂික ප්‍රදානයක් ලබාදෙයි. තෝරාගනු ලබන අයදුම්කරුවන්ට විශ්වවිද්‍යාලය ඇතුළත නේවාසිකාගාර පහසුකම්ද සපයනු ලැබේ. පෞද්ගලික ස්ථානයන්හි නවාතැන් ගැනීමට කිසිදු ශිෂ්‍යයෙකුට අවසර දෙනු නොලැබේ. එසේම සියලුම ICCR ශිෂ්‍යත්වලාභීන් සඳහා පූර්ණ සෞඛ්‍යය පහසුකම්, ඉන්දියාවේ ආසන්නතම ගුවන් තොටුපළ වෙත ගුවන් ගාස්තු සහ ඉන්දියාවේ විවිධ ප්‍රදේශයන්හි අධ්යානපන චාරිකා සඳහා වාර්ෂික දීමනාවක්ද වෙනත් දීමනා රැසක්ද ලබාදෙයි.
සුදුසුකම් සපුරාලන අයැදුම්කරුවන්ට නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ www.mohe.gov.lk යන වෙබ් අඩවියෙන් අයදුම්පත් ඩවුන්ලෝඩ් කරගත හැකි අතර, නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය උපාධි/පශ්චාත් උපාධි හා ආචාර්ය උපාධි පාඨමාලා සඳහා සම්පූර්ණ කරන ලද අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2019 ජනවාරි 25 වැනිදාය.