සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබූ එළවළු මිල මෙම සතිය අවසන් වනවිට ක්‍රමයෙන් පහළ බැසීමක් පෙන්නුම් කර තිබේ.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු කිරීමේ ආයතනය පෙන්වා දෙන්නේ ඉදිරි සතියේ සිට එළවළු මිලේ පහළ යෑමක් තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි.
යාපනය ආර්ධද්වීපයෙන් එළවළු තොග වැඩි වශයෙන් ලැබීම මෙසේ එළවළු මිල පහළ යෑමට හේතුව බවද සඳහන් වෙයි.
ඒ අනුව, මේ වනවිටත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත එම ප්‍රදේශයෙන් එළවළු කිලෝ ලක්ෂ 2ක් පමණ ලැබෙමින් පවතින බවද එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
ඒ අනුව දැනට තවමත් තරමක ඉහළ මිලක් පෙන්නුම් කරන කැරට්, අර්තාපල්, රතුළුණු සහ අමුමිරිස් මිල ගණන් ලබන සතිය වනවිට අඩුවනු ඇති බව එම ආයතනය වැඩිදුරටත් පවසා සිටියි.