2018 ඉන්ෆොටෙල් ජාතික තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය සඳහා මෙවරත් නිල ජාතික හවුල්කරු වශයෙන් කටයුතු කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සම්මේලන විසින් වාර්ෂිකව මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.
ඒ අනුව, 26 වැනි වරට මෙවර පැවැත්වෙන ප්‍රදර්ශනයේ තේමාව බවට පත්ව ඇත්තේ ඩිජිටල් ආර්ථිකයක් යන්නයි.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ලබන නොවැම්බර් මස 2දා සිට 4දා ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතය.
මේ සඳහා වන නිල අනුග්රාකත්වය දැක්වීම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී දමිත් හෙට්ටිහේවා සහ ශ්‍රී ලංකා සර්ට් ආයතනයේ ප්‍රධානී ලාල් ඩයස් යන මහත්වරුන් විසින් කොළඹදී සිදු කරන ලදී.
www.infotel.lk අඩවියට පිවිසීමෙන් පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.