ඉන්දියානු සංචිත බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරු පහසුකමක් ශ්‍රි ලංකා මහ බැංකුව වෙත ලබාදීමට අවශ්‍ය ලියවිලි සඳහා අත්සන් තබා තිබේ. මෙම විනිමය හුවමාරු පහසුකම 2022 නොවැම්බර් දක්වා හිමිවනු ඇත.
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මෙම තොරතුරු ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සහ ශ්‍රී ලංකා මහ බැංකුවට දැනුම් දී ඇත. 2020 ජූලි 14 වැනි දින නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා හමුවී විනිමය හුවමාරු පහසුකම පිළිබඳව සාකච්ඡා කර ඇත.
මහ කොමසාරිස් කාර්යාලය අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන සියලු කරුණු පිළිබඳව ශ්‍රී ලංකාව සමඟ ඵලදායි ද්විපාර්ශවික සහයෝගීතාවයක් සඳහා සමීපව කටයුතු කරන බව වැඩිදුරටත් පවසයි.