ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය සහ චීනය යන රටවලින් පැමිණි සංචාරකයන්ගේ හිතකර වර්ධනයක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙම හිතකර වර්ධනය හේතුවෙන් 2018 ජුනි මාසයේ සංචාරක පැමිණීම් 146,828ක් දක්වා සියයට 19කින් වර්ධනය වී තිබේ.
2018 වසරේ පළමු වැනි භාගය තුළදී පැමිණි මුළු සංචාරකයන් සංඛ්‍යාව 1,164,647ක් වූ අතර, එය 2017 වසරේ අනුරූප කාල පරිච්ඡේදයට සාපේක්ෂව 15.3ක වර්ධනයකි.
මේ අතර, 2018 වසරේ ජුනි මාසයේදී සංචාරක ඉපැයීම් එ.ජ.ඩොලර් මිලියන 272ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, 2018 වසරේ පළමු වැනි භාගය සඳහා සමුච්චිත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එ.ජ.ඩොලර් මිලියන 2,160ක් වී තිබේ.