අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ %ලක්දිරිය^ වැඩසටහන යටතේ ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවෙන් ණය හිමිකම් ලැබූ ව්‍යවසායකයන් පිරිසකට ණය මුදල් පිරිනැමීමේ අවස්ථාවට පසුගිය 04දා එක්වෙමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"ඉදිරි මාස කිහිපය ඉතාමත් තීරණාත්මකයි. අද ඇමෙරිකාව ඉරානයට විරුද්ධව සම්බාධක පනවා තිබෙනවා. ඉරානය අපේ රටෙන් විශාල තේ ප්‍රමාණයක් මිලදී ගන්නා රටක්. නොවැම්බර් මාසයේ සිට ඒ අපනයන ආදායම අපට අහිමි වෙන්න පුළුවන්. ඒ ආදායම අපි අලුතෙන් සොයාගන්න ඕනෑ. ඒ අමාරුකම් මැද්දෙත් රටේ සාමාන්‍ය ජනතාව අපි අමතක කරලා නෑ. මොන බාධක ආවත් රජයේ වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කරනවා." යැයි පවසා සිටියේය.