ඉඩම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල් සේවාවක් බවට පත්කිරීම ආරම්භ කර තිබේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම පියවර ආරම්භ කර ඇති අතර, මෙම ක්‍රියාවලිය මෙම වසර අවසන් වනවිට දිවයින පුරා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල 45ක ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ සඳහා වූ ඉ-ඉඩම් (e-land) මෘදුකාංගය නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම ඊයේ (04දා) කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේදී සිදු කෙරිණි.
මෙම නව මෘදුකාංගය තුළින් ඉඩම් හා දේපල ලේඛන අතින් ලියාපදිංචි ක්‍රමවේදය වෙනුවට මෘදුකාංගයක් මගින් ලේඛනගත කිරීම, ලියාපදිංචි කිරීම හා ආපසු නිකුත් කිරීම සිදුකෙරෙයි. මෙය දේපල ලියාපදිංචි කිරීමේ කාර්යසාධක බලකායේ මගපෙන්වීම මත ශ්‍රී ලංකා ව්‍යාපාර කිරීමේ පහසුව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ඉ-ඉඩම් ව්‍යාපෘතිය යටතේ ආරම්භ කර තිබේ. මෙම මෘදුකාංග ව්‍යාපෘතිය පූර්ණ වශයෙන්ම දියත්කරනු ලැබුවේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) තාක්ෂණික සහාය ඇතිවිය.
මෙම සේවාව ආරම්භ කිරීමේ අවස්ථාවට රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ, අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, රෙජිස්ට්‍රාර් ජනරාල් කේ.ජී.ධර්මතිලක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු මහින්ද බී හේරත්, අධ්යක්ෂ වැඩසටහන් කාංචන තුඩුගල, අධ්යක්ෂ නීතිඥ ජයන්ත ප්‍රනාන්දු, ප්‍රධානි අධ්යක්ෂ වැඩසටහන් ගවෂ් සුබ්‍රමනියම් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.