ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 6ක මධ්‍යස්ථානවලදී 2019 පෙබරවාරි 2 සහ 10 යන දෙදින තුළ ඉංජිනේරු උපාධිධාරී අභියෝග්‍යතා පරීක්ෂණය (Graduate Attitude Test - GATE) පවත්වන බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
IIT, NIT සහ IISC වැනි ආයතනවල විවිධ ඉංජිනේරු/ විද්‍යාල පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ලියාපදිංචි වීමේදී මෙම පරීක්ෂණය ඉතා වැදගත් වේ.
මේ පිළිබඳ වැඩිදුර විස්තර gate.iitm.ac.in යන වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවත්, මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයදුම්කරුවන්ට සැප්තැම්බර් මස 21 වන දිනට පෙර ඉන්දියාවේ අදාළ ආයතනයන්හි අධ්‍යයන කටයුතු සිදු කිරීමේ අවස්ථාව ලබාගැනීම සඳහා අයදුම් කළ හැකි බවත් මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පවසයි.