ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජනපද ඩොලර් බිලියනයක විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකමක් ලබාගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
එක්සත් ජනපද ඩොලර් හෝ ජපන් යෙන් හෝ යූරෝ හෝ ඒවායේ සංයෝජනයකින් නාමනය කරනලද එක්සත් ජනපද ඩොලර් මිලියන 1,000ක ප්‍රමාණයක් දක්වා වූ විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකමක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් 2018 මාර්තු මාසයේදී දේශීය සහ විදේශීය බැංකු සහ ආයෝජන ආයතනයන්ගෙන් යෝජනා කැඳවා තිබුණි.