ඇපල් 15 MacBook Pro ඒකකයේ බැටරිය අධික ලෙස රත් වී ගිනි ගැනීමේ අවදානමක් මතුව ඇති බැවින් ආරක්ෂිත පියවරක් ලෙස ඔබ සතුව ඇති එම උපාංගය එවැනි දෝෂයකට ලක්ව ඇතිදැයි ඇපල් සමාගමෙන් තහවුරු කර ගන්නා ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගීන්ගෙන් ඉල්ලා සිටියි.
ඇපල් සමාගම විසින් සීමිත සංඛ්‍යාවක් නිෂ්පාදනය කර ඇති අඟල් 15 MacBook Pro ඒකකයේ බැටරිය අධික ලෙස රත් වී ගිනි ගැනීමේ අවදානමක් මතුව ඇති බව පවසමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම නිවේදනය කරයි.
මෙලෙස අවදානයට ලක්වූ ඒකක මූලික වශයෙන් අලෙවිකර ඇත්තේ 2015 සැප්තැම්බර් මස සිට 2017 පෙබරවාරි මස දක්වා කාලය තුළ ය.
ඒ අනුව, ආරක්ෂිත පියවරක් ලෙස ඔබ සතුව ඇති එම උපාංගය එවැනි බලපෑමක් සිදුව තිබේද යන්න ඇපල් සමාගමෙන් තහවුරු කර ගන්නා ලෙසත්, ගුවන්තොටුපළ පරීක්ෂා කිරීමේ කටයුතුවලදී මෙම උපංගය සම්බන්ධයෙන් තොරතුරු විමසන අවස්ථාවේදී බැටරිය නැවත ප්‍රතිස්ථාපනය කර ඇති බවට සාක්ෂි ඉදිරිපත් කිරීමට ඔබට සිදුවනු ඇති බවත් ගුවන් සමාගම සඳහන් කරයි.
ඒ අනුව, ඔබගේ MacBook Pro උපාංගය ආරක්ෂිත බව තහවුරු කිරීමට නොහැකි වන්නේ නම් එය ඔබගේ ගුවන් ගමන සඳහා රැගෙන යාමට ඉඩ නොදෙනු ඇති බව පවසන ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ඔබගේ උපාංගය ආරක්ෂාකාරී බව තහවුරු කිරීම සඳහා, කරුණාකර ඇපල් අඟල් 15 MacBook Pro උපාංගයේ බැටරිය යළි කැඳවීමට අදාල පහත සඳහන් වෙබ් පිටුවේ ඇති උපදෙස් අනුගමනය කරන ලෙසද ඉල්ලා සිටියි.
https://support.apple.com/en-hk/15-inch-macbook-pro-battery-recall?pub=autodetect
https://support.apple.com/en-hk/15-inch-macbook-pro-battery-recall?pub=autodetect