කොවිඩ්-19 වසංගතය කළමනාකරණය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් නිර්දේශ කරනු ලබන සියලුම ආරක්ෂක පියවර ඇඳිරි නීති කාලයේදී අනුගමනය කරන ලෙස ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක සියලුම අපනයන කර්මාන්ත සදහා උපදෙස් දී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2020 අප්‍රේල් 02 වැනි දිනැති "COVID-19 පිළිබඳ මාර්ගෝපදේශ, සේවා ස්ථාන සඳහා සූදානම් වීම" අනුව ආරක්ෂක පියවරයන් දැඩිව ක්‍රියාත්මක කළ යුතුව ඇති බවද පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් ඇඳිරි නීති බලපත්‍ර ලබාගැන්මට අපනයන සංවර්ධන මණ්ඩලය පහසුකම් සපයන බවද දැනුම් දෙන අතර, වැඩි විස්තර අපනයන සංවර්ධන මණ්ඩලයේ අපනයන උපකාරක කවුළුව වෙතින් ලබාගත හැකි බවද කියයි. ඒ අනුව දුරකතන 011-2300710, විද්‍යුත් තැපෑල [email protected] සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවිය වන www.srilankabusiness.com වෙතින්ද උපදෙස් ලබාගත හැකි බව වැඩිදුරටත් දැනුම් දෙයි.