“ආසියාවේ අනාගතය” ගෝලීය සම්මන්ත්‍රණයේදී නව අදහස් එක් කරන දකුණු ආසියාවේ ප්රමුඛ නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගිත්වය කැපී පෙනෙනු ඇතැයි ජපාන තානාපතිවරයා පවසයි.
මැයි 28 සහ 29 දෙදින ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන “ආසියාවේ අනාගතය” ගෝලීය සම්මන්ත්‍රණයට ජනාධිපතිවරයා ඇරයුම් ලැබ සිටියි.
ජනාධිපතිවරයාගේ චාරිකාව සාර්ථක සහ ඵලදායී එකක් වනු ඇති බවට ජපාන රජය සහතික වන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා අද (17දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ සඳහන් කළේය.
සම්මන්ත්‍රණයට ආසියා ශාන්තිකර කලාපයේ රාජ්‍ය නායකයන්, ව්‍යාපාරිකයන්, බුද්ධිමතුන් සහභාගී වෙති.
සමෘද්ධිමත් කලාපයක් නිර්මාණය කිරීමේ අරමුණින් වාර්ෂිකව පැවැත්වෙන සම්මන්ත්‍රණය 1995 වර්ෂයේ දී ඇරඹිණි.
ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා සමග පැවැත්වෙන සාකච්ඡා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට ඉවහල් වනු ඇතැයිද තානාපතිවරයා පැවසීය. ජපාන ව්‍යාපාරික ප්‍රජාව අතර හමුවද ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත් වනු ඇතැයි තානාපතිවරයා කීය.
ජාතික රූපවාහිනිය ඩිජිටල්කරණය, කොළඹ වරාය උතුරු පර්යන්තය සහ යෝජිත ස්වභාවික ද්‍රව වායු ව්‍යාපෘතිය පිළිබඳවද අද සාකච්ඡාවේදී අවධානය යොමු විය.