ආසියානු සංවර්ධන බැංකුවේ 52 වැනි වාර්ෂික මහ සභා රැස්වීම අද (02දා) ෆීජි රාජ්‍යයේදී ආරම්භ වී තිබේ.
මෙම මහා සභා රැස්වීමට සහභාගී වීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු ශ්‍රී ලාංකේය දූත පිරිසක් පසුගියදා ෆීජි රාජ්‍ය බලා පිටත්ව ගිය අතර, මෙම රැස්වීම එලැඹෙන මැයි 5දා අවසන් වෙයි.
මෙම වාර්ෂික මහ සභා රැස්වීමට සහභාගී වීමෙන් ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන්, නිරීක්ෂණ රටවල නියෝජිතයන්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන් මෙන්ම, පෞද්ගලික අංශයේ නියෝජිතයන් සමග අන්‍යෝන්‍ය සබඳතා වර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබෙන බව මුදල් අමාත්‍යාංශය කියයි.
සාමාජික රටවල් 67ක නියෝජිතයන් සහභාගී වන මෙම මහා සභා රැස්වීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සමග භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, නියෝජ්‍ය ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ප්‍රියන්ත රත්නායක සහ ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එස්.එස්. මුදලිගේ යන මහත්වරු ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වූ බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.