ශ්‍රී ලංකා ආයෝජන මණ්ලඩයේ අධ්යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ මහතා ඊයේ (18දා) එම තනතුරින් ඉවත්කර ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.
ඔහු එම තනතුරින් ඉවත් කරන ලෙස ජනාධිපති කාර්යාලය විසින් සංවර්ධන ක්‍රමෝපාය හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය වෙත අද දැනුම් දී තිබූ බවද එම ආරංචි මාර්ගවලින් කියැවෙයි.
කෙසේ වෙතත්, දුමින්ද ආරියසිංහ මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ලඩයේ අධ්යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වූ බවට පෙරේදා (17දා) සිට ආරංචි පැතිර යමින් තිබූ අතර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයද ඊයේ (18දා) නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ ඔහු අධ්යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වූ බවට පැතිර යන කතාවල සත්‍යයතාවක් නොමැති බවකි.