ආනයනික රෙදිපිළි මත පනවා තිබූ වැට් බද්ද 5%ක් දක්වා අඩු කිරීමට මුදල් හා ජනමාධ්යා අමාත්‍ය මංගල සමරවීර මහතා කටයුතු කර තිබේ.
රෙදිපිළි කර්මාන්තයේ නිරත පාර්ශ්වකරුවන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් මෙම ක්‍රියාමාර්ගය ගත් බව එම අමාත්‍යාංශය පවසයි.
මීට පෙර රෙදිපිළි ආනයනයේදී කිලෝ ග්‍රෑමයකට රු.100ක සෙස් බද්දක් අය කෙරිණි. 2018 අයවැය මගින් භාණ්ඩ මත 15%ක වැට් බද්දක් පනවමින් 2002 අංක 14 දරණ වැට් බදු පනත සංශෝධනය කෙරුණු අතර, එය 2018 අගෝස්තු මස 16දා සිට ක්‍රියාත්මක කෙරිණි.
ඒ අනුව, ආනයනික රෙදිපිළිද 15%ක වැට් බද්දට යටත් විය. මේ හේතුවෙන් තමන් මහත් පීඩාවට පත්ව ඇති බව කුඩා පරිමාණ නිමි ඇඳුම් කර්මාන්තකරුවන්, වෙළෙන්ඳන් සහ ආනයනකරුවන් මුදල් අමාත්‍යවරයාගේ අවධානයට යොමුකළ අවස්ථාවේදී මෙම සහනය ලබාදීමට පියවර ගෙන තිබේ.