ප්‍රධාන අපනයනකරුවන්ගේ හා ආයෝජකයන්ගේ ප්‍රධානත්වයෙන් රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රැස්වීමක් පසුගිය මැයි මස 3දා අපනයන සංවර්ධන මණ්ඩල ශ්‍රවණාගාරයේදී සංවිධානය කර තිබේ.
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අමාත්‍යාංශයේ ලේකම් එස්.ටී. කොඩිකාර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති මංගල පී.බී. යාපා, අධ්යක්ෂ ජනරාල් චම්පිකා මලල්ගොඩ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් ජීවනී සිරිවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රධාන අපනයනකරුවන් සහ ආයෝජකයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.
මෙහිදී අපනයනකරුවන් හා ආයෝජකයින් දැනුවත් කළ අතර වර්තමානයේ අපනයන ක්ෂේත්රය තුළ හා ආයෝජන ක්ෂේත්රයේ පවතින ගැටළු මඟහරවා ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමටද ඉල්ලීමක් කර තිබේ.
විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ අලාභය අවම කර ගැනීමට මූල්‍යාධාර ලබාදීම, විදේශීය දූත මණ්ඩල හරහා විශ්වාසය ගොඩනැගීම ආදිය සඳහන් කළ අතර විදේශ ගැනුම්කරුවන්ගේ විශ්වාසය තහවුරු කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා බවද සඳහන් කර ඇත.
තවද, පවතින ගැටළු නිරාකරණය සඳහා අපනයනකරුවන්, සංගම්, වාණිජ මණ්ඩල ආදියෙන් සමන්විත කමිටුවක් වහාම පිහිටුවීමට යෝජනා කර ඇත. ඒ සඳහා ටියුලි කුරේ මහතා – ජාතික ඇඟළුම් අපනයනකරුවන්ගේ සංසදය, ඇන්ස්ලම් පෙරේරා මහතා - තේ වෙළෙන්දන්ගේ සංගමය, රොහාන් මාසකොරාල මහතා - ශ්‍රී ලංකා රබර් නිෂ්පාදකයින් සහ අපනයනකරුවන්ගේ සංගමය/ කේන්ද්‍රීය ක්‍රියාකරුවන්ගේ සංගමය, චන්න වීරතුංග මහතා – මුහුදු ආහාර අපනයනකරුවන්ගේ සංගමය, අහසාන් රිෆායිමහතා – ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය, ජීවන් ඥානම් මහතා – ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා ආයතනයන්ගේ සංගමය (SLASSCOM), නදී කේ. අල්ගම මහත්මිය – ශ්‍රී ලංකා ඉලෙක්ට්‍රොනික නිෂ්පාදකයින් හා අපනයනකරුවන්ගේ සංගමය (SLEMEA), රුවන් වෛද්‍යරත්න මහතා – ශ්‍රී ලංකා නාවුක ඒජන්තවරුන්ගේ සංගමය (CASA), ෂිහාම් මරික්කාර්මහතා – ජාතික අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය (NCE), ශෝන් වැන්ඩෝට් මහතා – කාර්ය උපාය සේවා, ඒකාබද්ධ මෙහෙයුම් කොමිෂන් සභාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරී ආදී වශයෙන් මෙම කමිටුව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් කැඳවනු ඇත.