YouLead ප්‍රථම නායකත්ව සමුළුව සාර්ථකව අවසන්
ශ්‍රී ලාංකේය යොවුන් පරපුරෙහි ඉහළ යන රැකියා අවශ්‍යතාවට පිළියම් යෙදීම සඳහා අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පූර්ණ දායකත්වය මත ක්‍රියාත්මක වන 'YouLead' ව්‍යාපෘතියේ ප්‍රථම සිව්දින නායකත්ව සමුළුව පසුගිය දෙසැම්බර් 09දා කොළඹ ට්‍රේස් සිටි හිදී නිමාවට පත්ව තිබේ.
මෙම සිව්දින සමුළුව සඳහා තරුණ සන්නාම තනාපතිවරුන් 40ක් සහ පෞද්ගලික, රාජ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන යන ක්ෂේත්‍ර නියෝජනය කරමින් නියෝජිතයන් 60ක් සහභාගී වූ අතර, මෙරට තරුණ පරපුර අතර රැකියා නියුක්තිය වර්ධනය සහ සහාය ලබාදීමට අදාළ විසඳුම් මෙහිදී සලකා බලා ඇත.
'YouLead' ව්‍යාපෘතියේ ප්‍රථම සිව්දින නායකත්ව සමුළුවේ පළමු දින තුන කිතුල්ගල ත්‍රාසජනක ක්‍රීඩා රැගත් නිවාඩු නිකේතනයකදී සංවිධානය වූ අතර, තරුණ නායකත්වයන් අතුරින් දීපව්‍යාප්ත පදනමින් තෝරාගන්නා ලද යොවුන් සන්නාම තනාපතිවරුන් සහ තනාපතිවරියන් මෙහිදී රැකියා වියුක්තිය සහ තාරුණ්‍යයේ අභියෝග පිළිබඳව අදහස් හුවමාරු කරගෙන ඇත. 'It’s our future' යන තේමාව යටතේ මෙම යොවුන් සන්නාම තනාපතිවරුන් සහ තනාපතිවරියන් රැකියා නියුක්තිය, ගැළපෙන රැකියා සහ ශ්‍රම වෙළෙඳ පොළ සාර්ථකත්වයට පත්වන ආකාරය පිළිබඳව සිය අදහස් පැමිණි පිරිස සමග බෙදාහදාගෙන තිබේ.
USAID හි සහකාර මෙහෙයුම් අධ්‍යක්ෂිකා එළිසබෙත් ඩැව්නි මහත්මිය සඳහන් කළේ, 'YouLead ව්‍යාපෘතිය ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ගේ සමෘද්ධිමත් බව අපේක්ෂාවෙන් ඇමෙරිකා එක්සත් ජනපද රජයේ සහ ඇමරිකානු පුරවැසියන් විසින් සිදුකළ ආයෝජනයක්' යනුවෙනි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




