ජාත්‍යන්තර ඉලෙක්ට්‍රොනික් ගෙවීම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා ලෙස සැලකෙන Visa ශ්‍රී ලංකා කාර්යාලය ඊයේ (25දා) ආරම්භ කෙරුණු අතර, එහි ශ්‍රී ලංකාව වෙනුවෙන් කළමනාකරු ලෙස ඇන්ටන් වොට්සන් මහතා පත්කිරීම සිදුකර තිබේ.
ශ්‍රී ලංකාවේ Visa කාර්යාලය පිහිටුවීම හා වොට්සන් මහතාගේ පත්වීම තුළ ආසියානු කලාපයේ මූල්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට හා ඉලෙක්ට්‍රොනික් ගෙවීම් කටයුතු පුළුල් කිරීම සඳහා විශාල දායකත්වයක් ලබාදීමට ඔවුන් බලාපොරොත්තු වන බව ඊයේ (25දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කෙරිණි.
මෙහිදී අදහස් දක්වමින් Visa ශ්‍රී ලංකා කළමනාකාර ඇන්ටන් වොට්සන් මහතා කියා සිටියේ, "ශ්‍රී ලංකාවේ Visa කාර්යාලයක් පිහිටුවීම පිළිබඳව සතුටු වන අතර, ඒ තුළින් ශ්‍රී ලාංකේය ජනතාවගේ හා ආර්ථිකයේ සැබෑ වෙනසක් ඇති කළ හැකි බව විශ්වාස කරනවා. මාගේ කාර්යභාර්ය වනුයේ ඉලෙක්ට්‍රොනික් ගෙවීම් වානිජගත කිරීම හා දිවයින පුරා මුදල් මගින් සිදුකරන ගෙවීම් කටයුතු ඉලෙක්ට්‍රොනික් ගෙවීම් හරහා සිදුකිරීමටත්, එහි වර්ධනය කෙරෙහිත් අවධානය යොමු කිරීමයි. මේ හරහා ශ්‍රී ලාංකේය ජනතාවට මුදල් ගනුදෙනු ආරක්ෂාකාරීව හා පහසුවෙන් සිදුකිරීමටද හැකිවෙනවා. එමෙන්ම දේශීය ව්‍යාපාර කටයුතුවල වර්ධනයට, සංචාරක ක්ෂේත්රය නංවාලීමට හා දේශීය ආර්ථිකයේ වර්ධනයටද මෙය උපකාරී වන අතර, මේ අරමුණු ඉටුකර ගැනීමට අපගේ ගනුදෙනුකරුවන්, ව්‍යාපාරිකයන් හා ශ්‍රී ලංකා රජය සමග සමීපව කටයුතු කිරීමටද අප බලාපොරොත්තු වෙනවා" යනුවෙනි.