එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක සහ එම සංවිධානයේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිතවරිය වන උනා මැකෝලි දිවියෙන් සමුගනී.
මිය යනවිට 54 හැවිරිදි වියේ පසුවූ ඇය පසුගිය කාලය පුරා අසනීප තත්ත්වයෙන් පසුවූ බවත්, ඇය එම කාලය තුළ රාජකාරී කටයුතුවලින් බැහැරව සිටි බවත් නිවේදනයක් නිකුත් කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පත්වූ ප්‍රථම නේවාසික සම්බන්ධීකාරකවරිය වන ඇය එම සංවිධානයේ මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරිනිය ලෙසද සැලකෙයි.
ඇය මීට දෙවසරකට පෙර ශ්‍රී ලංකාවේදී වත්මන් ධුරයන්ට පත්වීමට පෙර එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිතවරිය ලෙසද වසර හතරකට ආසන්න කාලයක් මෙරට සේවය කර ඇත.
වසර 17ක කාලයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කර ඇති ඇය දෙදරු මවකි.