එක්සත් ජාතීන්ගේ ඉලෙක්ට්‍රොනික සන්නිවේදන සම්මුතියේ (UN Communications Convention) සාමාජිකත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ.
මෙම සම්මුතියේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට හිමිවීමත් සමගම ජාත්‍යන්තර ඉ-වෙළෙඳාම සහ ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් ඉලෙක්ට්‍රොනිකව සිදුකිරීමේ නීතිමය හැකියාව මෙරටට ලැබෙනු ඇත.
දකුණු ආසියාතික කලාපයේ රටවල් අතරින් මෙම සම්මුතියේ සාමාජිකත්වය ලබාගත් ප්‍රථම රට ශ්‍රී ලංකාව වන අතර, ආසියානු කලාපයේ දෙවැනි රටද ශ්‍රී ලංකාව බව කියැවෙයි.
ජාත්‍යන්තර වෙළෙඳාම් කටයුතුවලදී ඉතා ඉහළ වැදගත්කමකින් යුතු මෙම සම්මුතියේ සාමාජිකත්වය කෙටි කාලයකදී ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකිවූයේ ඒ සඳහා අවශ්‍ය වන නීතිමය ව්‍යවස්ථාව ඉහළ මට්ටමින් සපුරා තිබූ නිසා බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්යක්ෂ නීති උපදේශක ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.